Tuesday, April 12, 2011

ඕසෝන් ස්ථරය හා එහි වැදගත්කම

ඕසෝන් වායුව සෑදි ඇත්තේ ඔක්සිජන් (O) පරමාණු තුනකිනි (O3).ඕසෝන් වායුව මිනිස් ශ්වසන පද්ධතියට හානිකර වායු දුෂකයකි.සමස්ථ වායු පරිමාවෙන් 0.0000007% ක් ඕසෝන් වායුවයි.ස්වාභාවික වායු කලාපයේ O3 පිහිටා ඇත්තේ ස්ථර ගෝලයක් ලෙසය.ඔක්සිජන් ස්ථරයපොළව මතුපිට සිට 20Km හා 50Km අතර දුර ප්‍රමාණයක පිහිටා ඇත.දැඩි හිරු රශ්මිය පවතින ඝර්ම කලාපිය රටවල ඉහළ අහසේ බහුලව නිපදවන ඕසෝන් වායුව, වායුගෝලීය චලනයත් සමග ධ්‍රැව ප්‍රදේශ වලට ගසා ගෙන යයි.


ඕසෝන් වල කාර්ය.
ඕසෝන් ස්ථරය ඇති වීම හා පෘර්‍ථවිය මත ජීවය ආරම්භ වීම අතර ඝෘජු සම්බන්ධතාවක් ඇත.පෘර්‍ථවිය ආරම්භයේ සිට වර්ෂ බිලියන 4.6 ක් වන තෙක් වායු ගෝලයේ ඕසෝන් වියන නිර්මාණය වී නොතිබුණි. එම නිසා ජීවයට තර්ජනයක් වූ පාරජම්බුල කිරණ වලින් නැහැවෙමින් තිබුණු පෘථිවි පෘෂ්ඨයට ජීවය පැමිණිමට නොහැකි විය.බැවින් ජීවින් සීමා වුයේ සාගරයේ ඉතා ගැඹුරු කොටස් වල ය.අධික ශක්තියකින් යුත් UV කිරණ සාගරයේ නොගැඹුරු ප්‍රදේශ කරා ද ගමන් කරන බැවින් කලාප ද ජීවය රහිත කලාප විය. 

ප්‍රභාසංශ්ලේෂණය කර ආහාර නිපදවන ජීවින් බිහි වුයේ වසර මිලියන 600කට පෙර ය.එහි දී ලැබුණු ඔක්සිජන් නිසා වායු කලාපයේ ඕසෝන් නිපදවිම සිදුවිය.මෙම ක්‍රියාවලිය වසර දශලක්ෂ ගණනක් සිදු වී අහිතකර පාරජම්බුල කිරණ කපා හරින ඕසෝන් වියන නිර්මාණය විය.මේ ආකාරයට පාරජම්බුල කිරණ පතිත වන ප්‍රමාණය අඩු වීමත් සමඟ භූ තලය පුරා ජීවය ව්‍යාප්ත විය.මේ අනුව වැඩිපුර ඔක්සිජන් නිපදවීම තුලින් ජීවින්ට හිතකර වායු ගෝලයක් පරිවර්ති ගෝලය තුල නිර්මාණය කරන අතර ඕසෝන් වියනත් ස්ථර ගෝලයත් නිර්මාණය විය.

ඕසෝන් වියන පෘථිවිය මත ජීවියා රකින පළිහකි. ස්ථර ගෝලය, ලෝක කාලගුණික හා දේශගුණික තත්වය අද තිබෙන තත්වයට පත් කිරිමට හේතු වි ඇත.






ඕසෝන් වියන නයිට්‍රස් ඔක්සයිඩ් මඟින් හානි විය හැකි බව බව මුලින්ම අණාවරණය කර ගනු ලැබුවේ 1970දී ය.එසේම කලෝරෝෆ්ලෝරෝ (CFC) මඟින්ද හානි විය හැකි බව 1974දී අණාවරණය විය.වැදගත්ම කරුණ වූයේ ඇන්ටාටිකාවට ඉහළ අහසේ ඕසෝන් වායුව තුනී වී සිදුරක් නිර්මාණය වී ඇති බවය(1985).2003 වසරේ දී ඇන්ටාටිකා  අහසේ සිදුර ප්‍රමාණාත්මක  ලෙස විශාල වී තිබේ.

එය වර්ග කිලෝමීටර මිලියන 29කි.ඕසෝන් සිදුරක් යනු වායු ගෝලයේ යම් ස්ථානයක සමස්ත ඕසෝන් කුළුනේ ඕසෝන් වායු ඝනත්වය ඩොබ්සන් ඒකක DU 220ට අඩු වු ප්‍රදේශයකි.


ඕසෝන් ස්ථරයේ අස්ථාවරත්වය ඇති කිරීමට තුඩු දෙන ද්‍රව්‍ය
1.ක්ලෝරෝෆ්ලෝරෝ කාබන්(CFC)
                ශීතකරණ හා වායු සමීකරණ
                තීන්ත ද්‍රව්‍ය
                සුවඳ විලවුන්
                පළිබෝධ ඉසින කාරක
                ෆෝමින් වර්ග නිෂ්පානයේදී




2.මෙතිල් බ්‍රෝමයිඩ්(MeBr)
               පළිබෝධනාශක භාවිතයේදී
               පුස්තකාල දූමකරණයේදී



3.කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්
              ගිනි නිවන උපකරණ භාවිතයේදී
              ද්‍රාවකයන් හා පිරිසිඳු කාරකයන්

4.මෙතිල් ක්ලෝරෝෆෝම්

             පිරිසිඳු කාරක
http://science.nasa.gov/science-news/science-at-na.....otlesssun/
ඕසෝන් ස්ථරය විනාශ වීමෙන් ඇති වන විපාක
 
1.පාරජම්බූල කිරණ නිසාසම රැළි වැටීම,සම වියළීම,සමේ පිළිකා ඇතිවීම,සම පිළිස්සීම.

2.මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ට හානි පැමිණීම.

3.ඇසේ සුද ඇති වීම හා ඒ ආශ්‍රිත පිළිකා ඇතිවීම.

4.මිනිසාගේ ස්වසන පද්ධතියට හානි වීම. 



5.ජාන විකෘති වීම් හා ඒ ආශ්‍රිත පිළිකා 


6.මතස්‍ය හා උභය ජීවීන් විනාශ වීම.

7.ශාක ප්ලවාංග විනාශ වීමෙන් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වීම.



8.භෝගවල ඵලදාව අඩුවීම හා ශාක වර්ධනය හීන වීම.

9.ජෛව භූ රසායන ක්‍රියාවලිය වෙනස් වීම. 



ඕසෝන් හානිකර ද්‍රව්‍ය වෙනුවට ආදේශක
 
        1.ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් වෙනුවට,

  • ශීතකරණ වලදී හයිඩ්‍රොෆ්ලෝරෝ කාබන්(HFC- 134a)ඇමෝනියා භාවිතය,
  • ෆෝමින් නිෂ්පාදනයේදී හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝ කාබන්(HCFC) භාවිතය,
  • ඉසිනකාරක ලෙස හයිඩ්‍රො කාබන් භාවිතය,
  • ඇසුරුම් කාරක ලෙස ඍජුෆෝ වෙනුවට ස්වභාවික ඇසුරුම් භාවිතය,


        2.ගිනි නිවන උපකරණ භාවිතයේ දී,
  • CO2 ,ජලය හා නිෂ්ක්‍රිය වායු භාවිතය.


       3.ද්‍රාවක ලෙස ආදේශක ඕසෝන් භාවිතය,

      4.මෙතිල් බ්‍රොමයිඩ් වෙනුවට කෘෂිකර්මාන්තයේදි,
  •  සමෝධානිත පළිබෝධ කළමණාකරණය. 
  • සුර්යතාපනය. 
  • ඕසෝන් හිතකාමි පළිබෝධනාශක(මෙටාම් සෝඩියමි,ඩැසෝමේට්) භාවිතය.


   ඕසෝන් වියන රැක ගැනීමට දායක වෙමින් අප ට හිමි වූ සොබාදම් මාතාව රැක ගනිමු.මන්දයත් අපගේ ‍දිවි රැකෙනුයේ ද ලෝකය රැකුනොත් පමණෙකි.එබැවින් රැකගමු ඕසෝන් වියන...............................