Monday, April 11, 2011

හරිතාගාර ආචරණයේ වැදගත්කම

පෘථීවිය නම් ග්‍රහලෝකයේ ජීවය පැවතීමට සුදුසු වාතාවරණ ය ලැබී ඇත්තේ හරිතාගාර ආවරණය නිසාවෙනි.හරිතාගාර වායු වශයෙන් හඳුනා ගනු ලැබ ඇත්තේ කාබන්ඩයොක්සයිඩ්,ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්,මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් හා ජල වාෂ්ප ය.මෙම වායූන් පෘථීවි වායුගෝලයේ පහළ මට්ටම් වල සුළු ප්‍රමාණ වලින් ස්වභාවිකව පවතී.සූර්යය්‍යාගේ සිට පෘථීවි පෘෂ්ඨය කරා පැමිණ නැවතත් ආකාශයට පිට කරනු ලබන තාප ප්‍රමාණයෙන් කොටසක් වායුගෝලයේ රඳවා ගැනීමෙන් පෘථිවියේ උෂ්ණත්වය පාලනය  කිරීම හරිතාගාර වායු මඟින් සිදු කරයි.මෙය හරිතාගාර ආචරණය යි.පසුගිය දශක වල වායුගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රනය වැඩි වී ඇත.වන විනාශය ඉන්ධන දහනය නිසා මෙම වායුවල සාන්ද්‍රනය වැඩි වී ඇත.අස්වාභාවිකව හරිතාගාර වායු වැඩි වීම අහිතකර ප්‍රථීඵල අත්කර දෙයි. 


මෙසේ හරිතාගාර වායුවල සාන්ද්‍රණය තව තවත් වැඩි විමට ඉඩ හැරියහොත් පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය පසුගිය දශක කිහිපය තුළ පැවැති උෂ්ණත්වයේ වැඩි විමට වඩා වැඩි ‍වේගයකින් ඉහළ යනු ඇත.විද්‍යාත්මක තොරතුරු අනුව 20 වන ශත වර්ෂය තුළ දි සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.3-0.6 ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව හෙළි වී ඇත. දේශගුණය වෙනස්වීම් පිළිබඳ අන්තර් ජාතික අනුකමිටුව 1995 නොවැම්බර් මස මැඩ්රිඩ් නුවරදි සම්මත කර ගන්නා ලද දේශගුණ වෙනස්විම් පිළිබඳ අලුත්ම විද්‍යාත්මක ඇගයීම් වාර්තාව ට අනුව වර්ෂ 1990 සාපේකෂ වර්ෂ 2100 දී මුළු පෘථිවි ගෝලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2-3.5 දක්වා ප්‍රමාණයකින් ඉහළ යා හැකියි.වර්ෂ 2030 වන විට කාර්මික යුගයට පෙර තිබු සාමාන්‍ය උෂ්ණ්ත්වයට වඩා අංශක දෙකකින් සාමාන්‍ය ලෝක උෂ්ණත්වය වැඩි වනු ඇතැ යි ‍බොහෝ විද්‍යඥයෝ අනාවැකි පළකර සිටිති.

අංශක ස්වල්පයකින් වුව ද ගෝලීයව සාමාන්‍ය උෂ්ණත්වය වර්ධනය වීම ගොඩබිම හා සාගර යන දෙකේම දිගු කාලීන බලපෑම ඇති කිරිමට හේතු වේ. මුහුදු මට්ට්ම ඉහළ යාම,භූමි පරිබෝග රටාව වෙනස්වීම,ඕසෝන් තලය වියැකීම,අන්තගාමී දේශගුණයක ලක්ෂණ ඇතිවීම,මේ නිසා සිදු විය හැක.
 
සුර්ය විකිරණය වායුගෝලය මතට වැටී එය පෘථිවි තලය දක්වා පැමිණ එයින් කොටසක් අවශෝෂණය කරන අතර කොටසක් පරාවර්තනය කරයි.නමුත් වායුගෝලයේ ඉහළ වළා වැස්මක් නිර්මාණය වුවහොත් පෘථිවි තලයට අවශෝෂණය වු කෙටි තරංග පරිදි පිටකිරිමට එමඟින් බාධා ඇතිවේ.පිටතට විකිරණය වී නොයන තාප ශක්තිය වායුගෝලය තුළම පවතින බැවින් එය "ගිම්හලක්" පරිදි ක්‍රියාත්මක වෙයි.

අවුරුදු මිලියනයක් පමණ වු ඉතිහාසය තුළ පුර්ව මානව ක්‍රියා නිසා පෘථිවි වායුගෝලයේ සංයුතිය වෙනස් නොවු බැවින් මෙලෙස වායුගෝලය අතීතයේ සිට ස්වභාවික ගිම්හලක් ලෙස ක්‍රියාත්මක විය.නමුත් මෑත කාලයේ පෘථිවියෙහි කෘතිමව හඳුන්වා දෙන ලද ගිම්හල් ඵලය ඇතිකිරිමට ප්‍රධාන වශයෙන් දායක වන්නේ කාබන්ඩයොක්සයිඩ්ය.ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් ,මීතේන්,හා ඕසෝන් වැනි වෙනත් වායු වර්ග ද ගිම්හල් ඵලය ඇතිකිරිමේ ක්‍රියාවලියට දායක වන අතර ක්‍රියාකාරිත්වය නිසා වර්තමානයේ එම දායකත්වය වැඩිවෙමින් පවතියි.මෙම ගිම්හල් වායු වර්ග මගින් උරා ගනු ලබන අධෝරක්ත කිරණ(දිගු තරංග) නිසා වැඩි වැඩියෙන් වායුගෝලය තාපවත් වේ.එමෙන්ම ඒ මගින් වැඩි ජලවාෂ්ප ප්‍රමාණයක් වායුගෝලයේ ඇති වී වැඩියෙන් වලාකුළු නිර්මාණය වීමක් සිදුවේ.

මෙහි ප්‍රතිඵලයක් පරිදි වායුගෝලය තුළ තාපය එක් රැස් වීමක් සිදු වේ.මෙම ගිම්හල් ඵලය කෙටි කාලීන මෙන්ම දිගු කාලීන දේශගුණ විපර්යාසය කෙරෙහි බලපානු ලැබේ.