Friday, April 15, 2011

ලෝක විනාශය හා 2012 වර්ෂය

මේ දින වල කොයි කාගෙත් අවධානයට යොමු වී ඇති ප්‍රධානතම මාතෘකාව වන්නේ 2012 වර්ෂයේදී ලෝක විනාශයක් සිදුවී මිහිමත ජීවය අවසන් වේදෝ? යන්න පිළිබඳව ය.2012 වසරේදී සිදුවන බවට සැළකෙන මහා  විනාශය පිළිබඳ මතයට මූලික පදනම අදින් වසර 5000කට පමණ පෙර පැවති මායා  වරුන්ගේ ශිෂ්ඨාචාරයත් සමඟ ම ‍ආරම්භ විය.මායා ශිෂ්ඨාචාරය භාවිතා කළ අතිශය සංකීර්ණ වූ වසර 5000කට වඩා දිගු මායා දින දර්ශනය 2012 දෙසැම්බර් 21 වනදායින් අවසන් වීම මෙයට හේතුවයි.





මායාවරුන් යනු තර්ක ශාස්ත්‍රය,විද්‍යාව හා ජෝතිශ්‍ය පිළිබඳ මනා දැනුමකින් හෙබි බුද්ධි මට්ටමින් ඉහළ ලෝකය පිළිබඳ ව මනා අවබෝධයකින් ජීවත් වු පිරිසකි.මායා ශිෂ්ටාචාරය අද මධ්‍යම ඇමරිකාව ලෙස සලකන මෙක්සිකෝව, ගෝතමාලාව, සහ එල් සැල්වදෝරය යන රටවල භූමි භාගය පුරා විසිරී පැවති ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයකි.අද අප භාවිතා කරන දින දසුනේ 2012 වසරේ දෙසැම්බර් 21 වනදා ට මායාවරුන්ගේ දිගු දින දසුන අවසන් වේ.එදිනට පෘථීවිය මත විනාශයක් සිදු වී නව යුගයක් උදා වන බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.මෙම විනාශය පිළිබඳ ඔවුන්ගේ ඉපැරණි ශිලා ලේඛනයක ද සංකේතානුසාරයෙන් දක්වා ඇති බව පිළිගැනේ.

ලෝක විනාශය පිළිබඳ අනාවැකි පළ කර ඇති මහා දාර්ශනිකයන් අතර නොස්ට්රා ඩාමුස් හා එඩ්ගාකේසි වැදගත් වේ. නොස්ට්රා ඩාමුස් 1503 දෙසැම්බර් 14 වනදා ප්‍රංශයේ ශාන්ත රෙම් හි උපත ලැබු අතර අනාගතයේ ලොව සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ අනාවැකි පළ කරන ලදි. ඔහු පළ කළ එවැනි අනාවැකි බොහොමයක් සත්‍ය ලෙසම සිදු විය.
 2012 වසරේ දී පෘථිවිය මත ගැටෙන ග්‍රාහකයක් හේතුවෙන් ලෝකය මහා වියකවුලක ට පත් වී ඒ හේතුවෙන් තෙවන ලෝක යුද්ධය ආරම්භ වන බවට ඔහුගේ අනාවැකියකින් ප්‍රකට වේ. මෙම ග්‍රාහකය සුමේරියානු ශිෂ්ටාචාරයේ එන 'නිබිරු' නම් ග්‍රහ ලෝකය බවට විශ්වාසයක් ඇති වී තිබේ.එඩ්ගාකේසි ට අනුව පෘථිවායේ චුම්බක ධ්‍රැව වෙනස් වීම නිසා ලෝක විනාශය සිදු වෙයි.


පෘථිවියේ චුම්බක ධ්‍රැව වෙනස් වීම නිසා විශාල භූමි කම්පා ඇතිවීම, ගිනි කඳු, ටොනාඩෝ හා මහා සුළි සුළං ඇති වෙයි. දිනෙන් දින මෙවැනි මහා විපත් පිළිබඳ අපට අසන්නට ලැබේ.පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට මිනිසා අතින් සිදුවන පරිසර විනාශය හේතු කොට ගෙන ගෝලීය උණුසුම් වීම ඉහළ ගොස් ඇත.


කෙසේ හෝ තාක්ෂණයේ දියුණුවත්, කාර්මිකරණයත් සමඟ අත්වැල් බැඳ ගෙන සංවර්ධනය කරා පියමනින ලෝකයෙ හි, මිනිසා පරිසරය සමඟ ගණුදෙනු කරන ආකාරය දිහා බැලු විට ලෝක විනාශය වැඩි ඈතක නොවන බවට ද ඇති සාධක බොහෝ ය.




Tuesday, April 12, 2011

ඕසෝන් ස්ථරය හා එහි වැදගත්කම

ඕසෝන් වායුව සෑදි ඇත්තේ ඔක්සිජන් (O) පරමාණු තුනකිනි (O3).ඕසෝන් වායුව මිනිස් ශ්වසන පද්ධතියට හානිකර වායු දුෂකයකි.සමස්ථ වායු පරිමාවෙන් 0.0000007% ක් ඕසෝන් වායුවයි.ස්වාභාවික වායු කලාපයේ O3 පිහිටා ඇත්තේ ස්ථර ගෝලයක් ලෙසය.ඔක්සිජන් ස්ථරයපොළව මතුපිට සිට 20Km හා 50Km අතර දුර ප්‍රමාණයක පිහිටා ඇත.දැඩි හිරු රශ්මිය පවතින ඝර්ම කලාපිය රටවල ඉහළ අහසේ බහුලව නිපදවන ඕසෝන් වායුව, වායුගෝලීය චලනයත් සමග ධ්‍රැව ප්‍රදේශ වලට ගසා ගෙන යයි.


ඕසෝන් වල කාර්ය.
ඕසෝන් ස්ථරය ඇති වීම හා පෘර්‍ථවිය මත ජීවය ආරම්භ වීම අතර ඝෘජු සම්බන්ධතාවක් ඇත.පෘර්‍ථවිය ආරම්භයේ සිට වර්ෂ බිලියන 4.6 ක් වන තෙක් වායු ගෝලයේ ඕසෝන් වියන නිර්මාණය වී නොතිබුණි. එම නිසා ජීවයට තර්ජනයක් වූ පාරජම්බුල කිරණ වලින් නැහැවෙමින් තිබුණු පෘථිවි පෘෂ්ඨයට ජීවය පැමිණිමට නොහැකි විය.බැවින් ජීවින් සීමා වුයේ සාගරයේ ඉතා ගැඹුරු කොටස් වල ය.අධික ශක්තියකින් යුත් UV කිරණ සාගරයේ නොගැඹුරු ප්‍රදේශ කරා ද ගමන් කරන බැවින් කලාප ද ජීවය රහිත කලාප විය. 

ප්‍රභාසංශ්ලේෂණය කර ආහාර නිපදවන ජීවින් බිහි වුයේ වසර මිලියන 600කට පෙර ය.එහි දී ලැබුණු ඔක්සිජන් නිසා වායු කලාපයේ ඕසෝන් නිපදවිම සිදුවිය.මෙම ක්‍රියාවලිය වසර දශලක්ෂ ගණනක් සිදු වී අහිතකර පාරජම්බුල කිරණ කපා හරින ඕසෝන් වියන නිර්මාණය විය.මේ ආකාරයට පාරජම්බුල කිරණ පතිත වන ප්‍රමාණය අඩු වීමත් සමඟ භූ තලය පුරා ජීවය ව්‍යාප්ත විය.මේ අනුව වැඩිපුර ඔක්සිජන් නිපදවීම තුලින් ජීවින්ට හිතකර වායු ගෝලයක් පරිවර්ති ගෝලය තුල නිර්මාණය කරන අතර ඕසෝන් වියනත් ස්ථර ගෝලයත් නිර්මාණය විය.

ඕසෝන් වියන පෘථිවිය මත ජීවියා රකින පළිහකි. ස්ථර ගෝලය, ලෝක කාලගුණික හා දේශගුණික තත්වය අද තිබෙන තත්වයට පත් කිරිමට හේතු වි ඇත.






ඕසෝන් වියන නයිට්‍රස් ඔක්සයිඩ් මඟින් හානි විය හැකි බව බව මුලින්ම අණාවරණය කර ගනු ලැබුවේ 1970දී ය.එසේම කලෝරෝෆ්ලෝරෝ (CFC) මඟින්ද හානි විය හැකි බව 1974දී අණාවරණය විය.වැදගත්ම කරුණ වූයේ ඇන්ටාටිකාවට ඉහළ අහසේ ඕසෝන් වායුව තුනී වී සිදුරක් නිර්මාණය වී ඇති බවය(1985).2003 වසරේ දී ඇන්ටාටිකා  අහසේ සිදුර ප්‍රමාණාත්මක  ලෙස විශාල වී තිබේ.

එය වර්ග කිලෝමීටර මිලියන 29කි.ඕසෝන් සිදුරක් යනු වායු ගෝලයේ යම් ස්ථානයක සමස්ත ඕසෝන් කුළුනේ ඕසෝන් වායු ඝනත්වය ඩොබ්සන් ඒකක DU 220ට අඩු වු ප්‍රදේශයකි.


ඕසෝන් ස්ථරයේ අස්ථාවරත්වය ඇති කිරීමට තුඩු දෙන ද්‍රව්‍ය
1.ක්ලෝරෝෆ්ලෝරෝ කාබන්(CFC)
                ශීතකරණ හා වායු සමීකරණ
                තීන්ත ද්‍රව්‍ය
                සුවඳ විලවුන්
                පළිබෝධ ඉසින කාරක
                ෆෝමින් වර්ග නිෂ්පානයේදී




2.මෙතිල් බ්‍රෝමයිඩ්(MeBr)
               පළිබෝධනාශක භාවිතයේදී
               පුස්තකාල දූමකරණයේදී



3.කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්
              ගිනි නිවන උපකරණ භාවිතයේදී
              ද්‍රාවකයන් හා පිරිසිඳු කාරකයන්

4.මෙතිල් ක්ලෝරෝෆෝම්

             පිරිසිඳු කාරක
http://science.nasa.gov/science-news/science-at-na.....otlesssun/
ඕසෝන් ස්ථරය විනාශ වීමෙන් ඇති වන විපාක
 
1.පාරජම්බූල කිරණ නිසාසම රැළි වැටීම,සම වියළීම,සමේ පිළිකා ඇතිවීම,සම පිළිස්සීම.

2.මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ට හානි පැමිණීම.

3.ඇසේ සුද ඇති වීම හා ඒ ආශ්‍රිත පිළිකා ඇතිවීම.

4.මිනිසාගේ ස්වසන පද්ධතියට හානි වීම. 



5.ජාන විකෘති වීම් හා ඒ ආශ්‍රිත පිළිකා 


6.මතස්‍ය හා උභය ජීවීන් විනාශ වීම.

7.ශාක ප්ලවාංග විනාශ වීමෙන් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වීම.



8.භෝගවල ඵලදාව අඩුවීම හා ශාක වර්ධනය හීන වීම.

9.ජෛව භූ රසායන ක්‍රියාවලිය වෙනස් වීම. 



ඕසෝන් හානිකර ද්‍රව්‍ය වෙනුවට ආදේශක
 
        1.ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් වෙනුවට,

  • ශීතකරණ වලදී හයිඩ්‍රොෆ්ලෝරෝ කාබන්(HFC- 134a)ඇමෝනියා භාවිතය,
  • ෆෝමින් නිෂ්පාදනයේදී හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝ කාබන්(HCFC) භාවිතය,
  • ඉසිනකාරක ලෙස හයිඩ්‍රො කාබන් භාවිතය,
  • ඇසුරුම් කාරක ලෙස ඍජුෆෝ වෙනුවට ස්වභාවික ඇසුරුම් භාවිතය,


        2.ගිනි නිවන උපකරණ භාවිතයේ දී,
  • CO2 ,ජලය හා නිෂ්ක්‍රිය වායු භාවිතය.


       3.ද්‍රාවක ලෙස ආදේශක ඕසෝන් භාවිතය,

      4.මෙතිල් බ්‍රොමයිඩ් වෙනුවට කෘෂිකර්මාන්තයේදි,
  •  සමෝධානිත පළිබෝධ කළමණාකරණය. 
  • සුර්යතාපනය. 
  • ඕසෝන් හිතකාමි පළිබෝධනාශක(මෙටාම් සෝඩියමි,ඩැසෝමේට්) භාවිතය.


   ඕසෝන් වියන රැක ගැනීමට දායක වෙමින් අප ට හිමි වූ සොබාදම් මාතාව රැක ගනිමු.මන්දයත් අපගේ ‍දිවි රැකෙනුයේ ද ලෝකය රැකුනොත් පමණෙකි.එබැවින් රැකගමු ඕසෝන් වියන............................... 

Monday, April 11, 2011

හරිතාගාර ආචරණයේ වැදගත්කම

පෘථීවිය නම් ග්‍රහලෝකයේ ජීවය පැවතීමට සුදුසු වාතාවරණ ය ලැබී ඇත්තේ හරිතාගාර ආවරණය නිසාවෙනි.හරිතාගාර වායු වශයෙන් හඳුනා ගනු ලැබ ඇත්තේ කාබන්ඩයොක්සයිඩ්,ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්,මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් හා ජල වාෂ්ප ය.මෙම වායූන් පෘථීවි වායුගෝලයේ පහළ මට්ටම් වල සුළු ප්‍රමාණ වලින් ස්වභාවිකව පවතී.සූර්යය්‍යාගේ සිට පෘථීවි පෘෂ්ඨය කරා පැමිණ නැවතත් ආකාශයට පිට කරනු ලබන තාප ප්‍රමාණයෙන් කොටසක් වායුගෝලයේ රඳවා ගැනීමෙන් පෘථිවියේ උෂ්ණත්වය පාලනය  කිරීම හරිතාගාර වායු මඟින් සිදු කරයි.මෙය හරිතාගාර ආචරණය යි.පසුගිය දශක වල වායුගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රනය වැඩි වී ඇත.වන විනාශය ඉන්ධන දහනය නිසා මෙම වායුවල සාන්ද්‍රනය වැඩි වී ඇත.අස්වාභාවිකව හරිතාගාර වායු වැඩි වීම අහිතකර ප්‍රථීඵල අත්කර දෙයි. 


මෙසේ හරිතාගාර වායුවල සාන්ද්‍රණය තව තවත් වැඩි විමට ඉඩ හැරියහොත් පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය පසුගිය දශක කිහිපය තුළ පැවැති උෂ්ණත්වයේ වැඩි විමට වඩා වැඩි ‍වේගයකින් ඉහළ යනු ඇත.විද්‍යාත්මක තොරතුරු අනුව 20 වන ශත වර්ෂය තුළ දි සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.3-0.6 ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව හෙළි වී ඇත. දේශගුණය වෙනස්වීම් පිළිබඳ අන්තර් ජාතික අනුකමිටුව 1995 නොවැම්බර් මස මැඩ්රිඩ් නුවරදි සම්මත කර ගන්නා ලද දේශගුණ වෙනස්විම් පිළිබඳ අලුත්ම විද්‍යාත්මක ඇගයීම් වාර්තාව ට අනුව වර්ෂ 1990 සාපේකෂ වර්ෂ 2100 දී මුළු පෘථිවි ගෝලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2-3.5 දක්වා ප්‍රමාණයකින් ඉහළ යා හැකියි.වර්ෂ 2030 වන විට කාර්මික යුගයට පෙර තිබු සාමාන්‍ය උෂ්ණ්ත්වයට වඩා අංශක දෙකකින් සාමාන්‍ය ලෝක උෂ්ණත්වය වැඩි වනු ඇතැ යි ‍බොහෝ විද්‍යඥයෝ අනාවැකි පළකර සිටිති.

අංශක ස්වල්පයකින් වුව ද ගෝලීයව සාමාන්‍ය උෂ්ණත්වය වර්ධනය වීම ගොඩබිම හා සාගර යන දෙකේම දිගු කාලීන බලපෑම ඇති කිරිමට හේතු වේ. මුහුදු මට්ට්ම ඉහළ යාම,භූමි පරිබෝග රටාව වෙනස්වීම,ඕසෝන් තලය වියැකීම,අන්තගාමී දේශගුණයක ලක්ෂණ ඇතිවීම,මේ නිසා සිදු විය හැක.
 
සුර්ය විකිරණය වායුගෝලය මතට වැටී එය පෘථිවි තලය දක්වා පැමිණ එයින් කොටසක් අවශෝෂණය කරන අතර කොටසක් පරාවර්තනය කරයි.නමුත් වායුගෝලයේ ඉහළ වළා වැස්මක් නිර්මාණය වුවහොත් පෘථිවි තලයට අවශෝෂණය වු කෙටි තරංග පරිදි පිටකිරිමට එමඟින් බාධා ඇතිවේ.පිටතට විකිරණය වී නොයන තාප ශක්තිය වායුගෝලය තුළම පවතින බැවින් එය "ගිම්හලක්" පරිදි ක්‍රියාත්මක වෙයි.

අවුරුදු මිලියනයක් පමණ වු ඉතිහාසය තුළ පුර්ව මානව ක්‍රියා නිසා පෘථිවි වායුගෝලයේ සංයුතිය වෙනස් නොවු බැවින් මෙලෙස වායුගෝලය අතීතයේ සිට ස්වභාවික ගිම්හලක් ලෙස ක්‍රියාත්මක විය.නමුත් මෑත කාලයේ පෘථිවියෙහි කෘතිමව හඳුන්වා දෙන ලද ගිම්හල් ඵලය ඇතිකිරිමට ප්‍රධාන වශයෙන් දායක වන්නේ කාබන්ඩයොක්සයිඩ්ය.ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් ,මීතේන්,හා ඕසෝන් වැනි වෙනත් වායු වර්ග ද ගිම්හල් ඵලය ඇතිකිරිමේ ක්‍රියාවලියට දායක වන අතර ක්‍රියාකාරිත්වය නිසා වර්තමානයේ එම දායකත්වය වැඩිවෙමින් පවතියි.මෙම ගිම්හල් වායු වර්ග මගින් උරා ගනු ලබන අධෝරක්ත කිරණ(දිගු තරංග) නිසා වැඩි වැඩියෙන් වායුගෝලය තාපවත් වේ.එමෙන්ම ඒ මගින් වැඩි ජලවාෂ්ප ප්‍රමාණයක් වායුගෝලයේ ඇති වී වැඩියෙන් වලාකුළු නිර්මාණය වීමක් සිදුවේ.

මෙහි ප්‍රතිඵලයක් පරිදි වායුගෝලය තුළ තාපය එක් රැස් වීමක් සිදු වේ.මෙම ගිම්හල් ඵලය කෙටි කාලීන මෙන්ම දිගු කාලීන දේශගුණ විපර්යාසය කෙරෙහි බලපානු ලැබේ.

Sunday, April 10, 2011

සත්ව සංහතියේ අනාගතය

 "වර්තමානයේ සිට 2050 දක්වා පවතින තත්වයන් වෙනස් නොවුනහොත් පවත්නා සත්ව ශාක සංයුතියෙන් 37%ක් මෙලොවින් වඳ වී යනු ඇත."
           (ආචාර්ය ක්‍රිස් තෝමස්-ලීඩ්ස් විශ්වවිද්‍යාලය-NATURE magazine)
ඔහු පවසන ආකාරය ට ගෝලීය උණුසුම හමුවේ අසරණ තත්වය ට පත්වනුයේ මිනිසා පමණක් නොවේ.මේ වන විට එය සත්ව සංහතියට ද බලපා තිබේ.
අතීතයේ විශ්වය පරිණාමණය වන අවධියේ දී වරින් වර උල්කාපාත වැටීම නිසා ද ආහාර අර්බුද හේතු කොට ගෙන ද වෙනත් පාරිසරික විපර්යාස නිසා ද ලොව තුළ සිටි රයිනෝසරයන්,විශාල උරඟයන් විනාශ විය. වර්තමානයේ උදා වී තිබෙනුයේ ද එවැනිම තත්වයකි.


Dinosaur
Mammoth Elephant
 1980 දී මහා බ්‍රිතාන්‍යයේ කුරුළු වර්ග 12ක් සංක්‍රමණය විය. ඔවුන් 1990 වන  විට නවාතැන කරගෙන සිටි පදෙස මුල් වාසස්ථානය ට   වඩා සැතපුම් 12ක් උසින් වැඩිය.1999කැනඩාවේ ආක්ටික් ප්‍රදේශයට එම ප්‍රදේශයට ආවේනික නොවූ කුරුළු විශේෂ සංක්‍රමණය විය.මොවුන් සිය නිජ බිම වෙනස් කිරීම ට හේතුව වී තිබෙනුයේ උෂ්ණත්වය අධික වීම බව පර්යේෂණ මඟින් තහවුරු වූයේ ය.

මීට අමතරව ආක්ටික් කලාපයේ වෙසෙන ද්‍රැව වළසා/හිම වළසා උෂ්ණ ඍතුව දීර්ඝ වීම නිසා උගේ ප්‍රජනන ක්‍රියාවලිය පවා දුර්වල වී ඇත.සීල් මත්ස්‍යයා හා පෙන්ගුයින් සත්වයන්ගේ ද ජීවන චක්‍රය අක්‍රමවත් වී ඇත.









සමස්තයක් වශයෙන් සලකා බැලූ කළ අවම උෂ්ණත්වයක් මත යැපෙන හිම වළසා හා පෙන්ගුයින් වැනි සත්ව විශේෂ 100-200 අතර සංඛ්‍යාවක් තර්ජනයට ගොදුරු වී සිටිති.එසේම කුරුළු වර්ග වල ප්‍රජනන ක්‍රියාවලිය වෙනස් වී ඇත.

 
ලෝක ගෝලයේ මිනිස් වාසයෙන් තොර ප්‍රදේශයක් වන ඇලස්කාවේ සුළු වශයෙන් ඇස්කිමෝවරු වාසය කරති.පෘථීවියේ මෙම ධ්‍රැව ප්‍රදේශ ද තුන්ද්‍රා,සැවානා හා ඇමසන් වනාන්තර ද ඇතැම් කාන්තාර වලට ද බලපාන උණුසුම කාලගුණික සමතුලිතතාවය  බිඳ දැමීම ට සමත් වී තිබේ.


මිහිකත උණුසුම් වීම නිසා ඇති වූ ප්‍රථීඵල


1.)2003 වර්ශයේ ග්‍රීෂම ඍතුවේ අධික උශ්ණත්වය නිසා ප්‍රංශය,ඉතාලිය,ජර්මනිය ,යන රටවල් වල 35000ක් පමණ මිය ගිය අතර බොහෝ දෙනා දරුණු ලෙස සමේ  රෝග  වලට ගොදුරු වූයේ ය.


2).2007ජූලි මස බ්‍රිතන්‍යයේ සිදුවූ ජල ගැලීමෙන් බොහෝ ජනයා අසීරුතාවයන්ට ගොදුරු වූ බව බ්‍රිතන්‍ය අගමැති ගෝල්ඩන් බ්‍රවුන් මහතා ප්‍රකාශ කර තිබේ.(ලංකාදීප 2007ජූලි 25)


3).2007 ජූලි මස හංගේරියාවේ අධික උෂ්ණත්වයෙන් මිය ගිය ප්‍රමාණය 600ක්මවයි.(ලංකාදීප 2007ජූලි 25)
අධික උෂ්ණත්වය නිසා ඉන්දියාවේ ද වරින් වර මරණ වාර්තා වී තිබේ.


4.)2003වර්ෂයේ  ප්‍රංශයේ මිය ගිය සංඛ්‍යාව 1080කි.

5.)2007 මැයි මස උණුසුම වැඩි වීම නිසා බංගලාදේශයේ 12 දෙනෙක් ද ඉන්දියාවේ 30 දෙනෙක් ද මරණයට ගොදුරු වූයේ ය.


6.)2003වසරේ ඇතිවූ උණුසුම ට සමාන උණුසුමක් ඇතිවී ඇත්තේ මීට පෙර වසර 1000කට දෙවරක් පමණි.නමුත් මෙම තත්වය ඉදිරියේදී වසර 20කට දෙවරක් බැගින් වර්ධනය වී 2050-2060වන විට මෙය සාමාන්‍ය තත්වයක් බවට පත් වනු ඇත .


7.)දැඩි තාපය නිසා ඇමරිකාවේ චිකාගෝ හී 1995දී මිය ගිය සංඛ්‍යාව 100ක් බව වාර්තා වේ.එසේම කත්‍රිනා ,හරිකේන් නිසා ඇරිකාවේ විශාල පිරිසකට ජීවිත හා දේපල අහිමි විය.


8.)පෘථීවි උණුසුම වැඩි වීම නිසා මදුරුවන් උසින් වැඩි ප්‍රදේශ වලට සංක්‍රමණය වන  අතර එයින් ඩෙංගු හා මැලේරියා ව්‍යාප්ත වීම කඩිනම් වේ.ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරය ට ඩෙංගු හා මැලේරියාව නිසා 2000වර්ෂයේදී මිය ගිය සංඛ්‍යාව 1,50,000කි.




9.)2005වර්ෂයේ උතුරු ඇමරිකාවේ 580දෙනෙකු ඩෙංගු රෝගය නිසා මිය ගොස් ඇත.


10.)2006වසරේ දී ලංකාවේ ඩෙංගු රෝගීන් ගණන 11668කි.


11.)මීට අමතරව කාලීන වෙනස් වීම් නිසා චර්ම රෝගී තත්වයන් හා ස්වසන අවහිරතා වැනි රෝගී තත්වයන් ඉදිරියේ ඇතිවිය හැකි බව විශේශඥ්‍ය වෛද්‍යවරු අවධාරණය කරයි.


12.)හරිතාගාර වායු සහ වෙනත් වායු දූෂණය වීම නිසා හෘද රෝග, මොළයේ රෝග, පෙණහළු පිළිකා හා ළදරු මරණ බහුල වන අතර මෙම තත්වය දැනටමත් ඇමරිකාවේ දක්නට ලැබේ.

වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීම නිසා විවිධ අසාත්මිකතාවයන් ඇතිවේ.ඕසෝන් ස්ථරය ක්ෂය වීම නිසා වායුගෝලයේ පහළ ස්ථරය උණුසුම් වීමෙන් හිරු මඟින් නිකුත් කරන අධෝරක්ත කිරණ මිනිස් චර්මයේ පිළිකා ඇති වීම ට ඉඩ සලසයි.


13.)ලෝක සෞඛ්‍ය සංවිධානය  පෙන්වා දෙන ආකාරයට ගෝලීය උණුසුම වැඩි වීම නිසා ඇතිවන අතුරු ආබාධ නිසා 160000ක් මිය යන අතර 2020දී මෙම ප්‍රමාණය දෙගුණ වීමට නියමිත ය.


14.)වායුව උණුසුම් වීම  නිසා ලොව පුරා සුළි සුළං හේතුවෙන් 1985දි  4361ක් මිය ගිය අතර 1991දී 138568ක් මිය ගියහ.


15.)වසරකට 9mmකින් බංගලාදේශය මුහුදට යට වන අතර බෙංගාල බොක්කේ නිතර ඇතිවන කැළබිලි ස්වභාවය නිසා එම රට ගං වතුරින් හා සුළි සුළඟින් පීඩා විඳි යි.

                                                                                         


Saturday, April 9, 2011

සෞරග්‍රහ මණ්ඩලයේ විත්ති

සෞරග්‍රහ මණ්ඩලය යනු හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාෂ පද්ධතිය යි.එයට
  • ප්‍රධාන ග්‍රහයින් 08,
  • චන්ද්‍රයින් 165,
  • වාමන ග්‍රහයින් 03,
  • ප්ලූටෝ සහ හදුනාගෙන ඇති චන්ද්‍රයින් 04,
  • බිලියනයක් පමණ වන ග්‍රහ වස්තූන්,
  • කූපර් පටියේ ඇති වස්තූන්,
  • වල්ගා තරු,
  • උල්කා,
  • අන්තර් ග්‍රහලෝක දුහුවිලි, යනාදිය අන්තර්ගත වේ.
 
සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වීම
http;//solarviews.com
 අප දන්නා පරිදි  සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වීඇත්තේ නිහාරිකා කල්පිතය ට අනුව වසර බිලියන 4.6කට පෙර සුවිසල් වායු-ධූලි වළාකුලක් ගුරුත්වාකර්ෂණ බලය බිඳ දැමීමෙනි.ඉහත කී දූලි වලාව ආලෝක වර්ෂ විශාල ගණනකින් විශාල විය යුතු අතර තාරකා වලට ජීවය ලබා දී තිබිය යුතු ය.සූර්යයා පිපිරෙන විශාල තරුවක් කේන්ද්‍ර කොට ගෙන නිර්මාණය වු බවට හැගවෙන සුපර් නෝවා පිපිරීම් කීපයක් ම සිදු වී එයින් ඇති වූ කම්පනය නිසා නිහාරිකාවේ අධි ඝනත්ව කලාප ඇති වී ගුරුත්වාකර්ෂණ බලයෙහි අභ්‍යන්තර වායු මැඩ පැවැත්වීම ට ඉඩ සැලසීමෙන් සූර්යයා නිර්මාණය වීඇත 
  http;//fascinatingly.com
අප දන්නා පරිදි සූර්යයා ප්‍රධාන අනුක්‍රමයෙන් ඉවත් වන තෙක්  සෞරග්‍රහ මණ්ඩලය අප අනර පවතිනු ඇත .
ඔබ දන්නවාද?
සෑම වසර බිලියන1.1කට ම දළ ව 10%කින් හිරුගේ දීප්තිය වැඩිවේ.තවත් වසර බිලියන7.6ක් ගත වූ කල හයිඩ්‍රජන් විලයනය අඩු ඝනත්ව උඩ වියන් වල සිදු වීමට තරම් සූර්ය හරය උණුසුම් වනු ඇත.එය දැන් පවතින සූර්ය පරිධිය 260 ගුණයකින් විශාල වීමට හේතුවක් වේ.ඉහත රූප සටහනේ දැක්වෙන පරිදි සූර්යයා රතු දැවැන්තයා බව ට පත් වේ.කාලයාගේ ඇවෑමෙන් හිරුගේ භාහිර ස්ථර සුදු පැහැ කුඩා වස්තුවක් ඉතිරි කරමින් ක්ෂය වි විනාශ වෙනු ඇත.

Wednesday, April 6, 2011

අපගේ මිහිතලය

අතීතයේ මිනිසා සහ පරිසරය අතර පැවති සම්බන්ධතාවය නොබිඳිය හැකි වූවකි.එහෙත් මානව අවශ්‍යතා ක්‍රමයෙන් සංකීර්ණ වත්ම ඒ පැවතියා වූ සම්බන්ධතාවය ලිහිල් වි ය.මිනිසාගේ අක්‍රමවත් ක්‍රියා හේතුවෙන් පෘථීවි උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යමින් පවතියි.ඒ හා සාපේක්ෂව විවිධ දේශගුණික විපර්යාසයන්ට ද දැඩි ලෙස ගොදුරු වී තිබේ.මිහිතලය මත උශ්ණත්වය තැනින් තැනට වෙනස් වීම නිසා ද පෘථිවි උශ්ණත්වය 133C කින් ඉහළ ගොස් තිබේ.මිහිතලය උණුසුම් වීම වේගවත් වී ඇත්තේ 1950න් පසුව බව සමීක්ෂණ වාර්තා මගින් ද හෙළිදරව් වීඇත.
 මිහිතලය උණුසුම් වීම ට පෙර




මිහිතලය උණුසුම් වීමෙන් පසු








විද්‍යාඥයින් දැනට සොයා ගෙන ඇති අන්දමට 21වන ශත වර්ශය තුළ මිහිතලය තුළ උශ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක11කි.මේ තත්වය ඉදිරියේදී සෙල්සියස් අංශක 64 දක්වා වැඩිවිය හැකි බව ද පෙන්වා දෙයි.
හරිතාගාර වායු වායු ගෝලයට මුක්ත වීම,වනාන්තර එළි කිරීම,මෙයට බලපා ඇත. විශේෂ කොට කාබන් ඩයොක්සයිඩ්නයිට්‍රස් ඔක්සයිඩ්,මීතේන්,ක්ලෝරෝෆ්රෝකාබන් හරිතාගාර වායු ලෙස හදුනාගෙන ඇත.

පහල වායු ගෝල පරිසරයන්හි ජල වාෂ්ප හා ඕසෝන් ද හරිතාගාර වායු ලෙස ක්‍රියාකරයි. මේ වායු අතරින් කාබන් ඩයොක්සයිඩ් , නයිට්‍රස් ඔක්සයිඩ්‍ ,මීතේන් ආදිය මිහිතලය තුල ස්ථායි උෂ්ණත්වයක් පවත්වාගෙන යාමට උදව් වෙයි. මේ තාක් තුලිතව පැවති චක්‍රීය ක්‍රියාවලියට අමතරව එකතු වූ හරිතාගාරවායු වායු ගෝලයට එක්වීම නිසා වායු ගෝලයේ උණුසුම රඳවා තබා ගැනීමේ හැකියාව ඉහල ගොස් ඇත.


වායු ගෝලය උණුසුම් වීමේ ප්‍රථීඵල
1.සාගර ජල මට්ටම ඉහළ යෑම.
2.සාගර ජීවීන් කෙරේ බලපෑම.
3.ග්ලැසියර දිය වීම.
4.වර්ෂාපතන රටාවන් වෙනස් වීම.
5.නිවර්තන වාසුළි ප්‍රභල වීම.
6.ශාක පද්ධතීන් කෙරෙහි බලපෑම.
7.මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි බලපෑම.



1.සාගර ජල  මට්ටම ඉහළ යෑම.
                පසුගිය සියවස තුළ පෘථීවි සාගර මට්ටම 10cm-20cmදක්වා ප්‍රමාණයකින් වැඩි වී තිබේ.



2.සාගර ජීවින් කෙරෙහි බලපෑම.
මිහිතලය උණුසුම් වීමේ ප්‍රථීඵලයක් ලෙස සාගරයේ ඇති කාබනික සංයෝග ඉක්මනින් වියෝජනය වේ.ඒ නිසා සාගර ජීවින් මිය ගිය විට ඔවුන්ගේ දේහ තුළ ගබඩා වී තිබූ කාබොහයිඩ්‍රේට්,ප්‍රෝටීන්,ලිපිඩ,මේද වැනි කාබනික සංයෝග ඉක්මනින් වියෝජනය වේ.  
එම වියෝජනය නිසා කාබන් අඩංගු සරල සංයෝග බිහිවේ. ඒවා තවදුරටත් කැඩී අවසානයේ කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එකතුවේ.
සාගර ජලයේ උෂ්ණත්වය වැඩිවීම සාගර ජීවීන්ගේ ලාබාල අවස්තාවන් වන බිත්තර,කීට ,පිලා වැනි අවස්ථාවන්ට අහිතකරය.
එය සමස්ත සාගර ජීවින්ගේ පැවැත්මට මෙන්ම සාගරික ආහාරදාමය කෙරෙහිද දැඩිව බලපෑමෙන් ලෝක ආහාර නිෂ්පාදනයේ විෂමතාවයන්ද ඇතිවිය හැක.


එම වියෝජනය නිසා කාබන් අඩංගු සරල සංයෝග බිහිවේ. ඒවා තවදුරටත් කැඩී අවසානයේ කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එකතුවේ.
සාගර ජලයේ උෂ්ණත්වය වැඩිවීම සාගර ජීවීන්ගේ ලාබාල අවස්තාවන් වන බිත්තර,කීට ,පිලා වැනි අවස්තාවන්ට අහිතකරය. එය සමස්ත සාගර ජීවින්ගේ පැවැත්මට මෙන්ම සාගරික ආහාරදාමය කෙරෙහිද දැඩිව බලපෑමෙන් ලෝක ආහාර නිෂ්පාදනයේ විෂමතාවයන්ද ඇතිවිය හැක.


3.ග්ලැසියර දිය වීම.
ග්‍රීන්ලන්තය ආශ්‍රිතව පර්යේෂණකරන විද්‍යාඥයන්ට අනුව වෙනත් කිසිදු කාලයකට වඩා වේගයෙන් අයිස් තට්ටු දියවීමට පටන්ගෙන ඇත.
දකුණු ග්‍රීන්ලන්තයේ ‍ සෙර්මිලික් ග්ලැසියරය පසුගිය වසර 15 කදී 150m කින් අඩුවී ඇත.
අද වනවිට සාමාන්‍යය ප්‍රමාණයට වඩා 2000 Km ක් පමන පැතිරගිය අයිත් තට්ටු ගැලවී යන බවත් සඳහන්ය. මෙලෙස අයිස් තට්ටු දියවී යාමට හේතු ලෙස ඉදිරිපත්කලේ වායු ගෝලයේ උෂ්ණත්වය වැඩි වීමයි. එමගින් අයිස් කඳු දියවීමේ වේගය වැඩිවී ඇත. මෙහි ප්‍රතීඵලය මුහුදු මට්ටටේ ඉතා සුළු වැඩිවීමකි. මෙලෙස අයිස් කඳු දියවීමේ වාසියක්ද ඇත.
උත්තර ධ්‍රැවය ආසන්නයේ පවතින ග්‍රීන්ලන්තය 2/3 ක ප්‍රමාණයකත් ඇත්තේ අයිස්ය. වේගයෙනන් අයිස් දියවීම නිසා මෙතෙක් මිනිස් වාසයට අහිතකරව පැවති ග්‍රීන්ලන්තය මිනිස් වාසයට හිතකර ස්ථානයක් වනු ඇත.



නමුත් පහත් ගොඩබිම් ජලයෙන්යට වීම නිසා පැවතියාවූ වාසස්ථාන අහිමි වී නව ගොඩබිම් උත්තර ධ්‍රැවයෙන් හා දක්ෂිණ ධ්‍රැවයෙන් බිහි වනු ඇත.






4.වර්ෂාපතන රටාවන් වෙනස් වීම.

වායුගෝලය  උණුසුම් වීම නිසා ඇතැම් ප්‍රදේශ වල වර්ෂාපතනය අධික වීමෙන් පෘථීවි පෘෂ්ඨය අධික ලෙස තෙත් වීමට ත් ඇතැම් ප්‍රදේශ වලට අඩු වර්ෂාපතනයක් ලැබීම නිසා අධික ලෙස  වියළි ස්වභාවයට පත්වේ.






වර්ෂාපතන රටාවන් අක්‍රමවත් වීමෙන්
  • වර්ෂාපතන ඍතුව කෙටි හෝ දිගු වීම.
  • වර්ෂාපතන ප්‍රමාණය අඩු හෝ වැඩි වීම.
  • වර්ෂාපතනය ආරම්භ වන කාල සීමවන් වෙනස් වීම.
  • වර්ෂාපතන ත්‍රීවතාවය වෙනස් වීම.
  • ලෝක ආහාර නිශ්පාදනය අක්‍රමවත් වීම. 
5.නිවර්න වාසුළි ප්‍රභල වීම.
 


නිවර්තන කලාපීය උණුසුම් සාගරික ප්‍රදේශවල හටගන්නා හරිකේන් කුණාටු 1975-1995 වසර වල 20%කින් වර්ධනය වී ඇත.








6.ශාක පද්ධතීන් කෙරෙහි බලපෑම.

පෘථීවි උෂ්ණත්වය වැඩි වීමත් සමඟ ම පැළෑටි වල සිදුවන ප්‍රභාසංස්ලේෂණය අධික වීමත් සමඟ ම ශාක ඉක්මනින් වියළීමට පටන් ගනී.වාෂ්පීකරණය අධික වීමත් සමඟ ම භූගත ජලය පොළොව මතුපිටට පැමිණිමත් සමඟ ම එම ජලය  ඛණිජ වර්ග හා එක්වී මතුපිට පස් තට්ටුවේ තැන්පත් වීමෙන් ලවණතාවය වැඩි වී ශාක වර්ධනයට බාධා පමුණුවයි.


7.මිනිසාගේ සෞඛ්‍ය කෙරෙහි බලපෑම.
පෘථීවි උශ්ණත්වය වැඩි වන විට ඇතිවන තාප තරංග මිනිසා ට ඍජුව ම බලපායි.එසේම වසංගත පැතිරීමේ අවධානම ද වැඩි ය.මදුරුවාගේ වර්ධනයට ද උණසුම් පරිසරය කදිම තෝතැන්නකි.ජලය නිසා පැතිරෙන රෝග ගණනාවකට ම උෂ්ණත්වය වැඩි වීම රෝග පැතිර යාමට ආධාර වෙයි.

Sunday, March 13, 2011

ගෝලීය උණුසුම ඉදිරියේ අපගේ අනාගතය

දේශගුණය වනාහි ජෛව ගෝලයේ පැවැත්ම මෙන්ම පාරිසරික සමතුලිතතාවය පවත්වා ගෙන යනු ලබන ප්‍රධානතම සාධකය යි.එසේම ම පාරිසරික සමතුලිතතාවය බිඳ වැටීමට ද ප්‍රධාන හේතුව බව ට දේශගුණය පත් වී ඇත.මෙම අස්ථාවරත්වය හේතු කොට ගෙන
  • කෘෂි කර්මාන්තය බිඳ වැටීම.
  • මානව සමාජ තත්ත්වයන් දෙදරා යෑම.
  • පරිසර පද්ධතිය වෙනස් වීම.
  • අයිස් කඳු දිය වී යාම.
  • සාගර ල මට්ටම ඉහළ යෑම.
  • දේශපාලන අස්ථාවරත්වය.
  • වනාන්තර පද්ධතිය ක්ෂය වී යාම.
  • ල සම්පත අහිමි වී යාම දැක්විය හැකි යි.





මෙහි දැක්වෙනු යේ අයිස් කඳු දිය වීමේ 
අවධානම ට මුහුණ දී සිටින
ඇන්ටාර්ක්ටික් ප්‍රදේශය යි.
























































































  
පසුගිය දශක කිහිපය තුළදේශගුණයෙහි ඇතිවූ වෙනස්කම් හේතුවෙන්  මුළු මානව සංහතිය ම නොයෙක් ආකාර දුෂ්රතාවයන ට මුහුණ දීමට සිදුව තිබේ.වර්තමාන ලෝක ප්‍රජාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වනුයේ දැඩි පාරිසරික උපද්‍රව යි.එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්වචනය කරන ආකාරය ට පාරිසරික විපර්යාස යනු
 "සැලකිය යුතු කාලයක් තුළ කර ඇති නිරීක්ෂණයන් ට අනුව ඍජුව හෝ වක්‍රව මානව ක්‍රියාකාරකම් වල බලපෑමෙන් සිදු වෙතැයි සැලකෙන දේශගුණික විපර්යාස ස්වභාවික වෙනස් වීම් වලට අමතරව ගෝලීය වාතාවරණයේ සංයුතිය වෙනස් කරවයි."                    
 දැනට විද්‍යාඥයින් විසින් නිගමනය කර ඇති අන්දම ට පෘථිවි උෂ්ණත්වය ඉහළ යෑමට ප්‍රධානත ම සාධකය මිනිස් ක්‍රියාකාරකම් වේ. විශේෂයෙන් ම වායු ගෝලයට එකතු වන හරිතාගාර වායු වැඩි වීම නිසා පෘථිවි උෂ්ණත්වය ඉහළ යමින් පවතියි. 


මිනිසා විසින් මිනිසා විසින් සිදු කරනු ලබන
  • න්‍යෂ්ටික අවි අත්හදා බැලීම්,
  • වන විනාශය,
  • අධික ෆොසිල ඉන්ධන දහනය,
  • ඉඩම් පරිහරණය වෙනස් වීම්,
  • විවිධ වූ කෘෂි කාර්මික ක්‍රියා,  
                                        නිසාවෙන් අධිකතර ලෙස වායුගෝලයට හරිතාගාර වායු එක් වීමත් සමඟ ම මිනිසා ට දැරිය නොහැකි තරමට ම නෙයෙකුත් ආපධාවන්  ට මුහුණ දීමට සිදු වී තිබේ.දැනට විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරය ට දැනට සිදුකරනු ලබන ක්‍රියාවන් හී පාලනයක් සිදු නොවුන හොත් ලබන සියවස අග භාගයේ දී පෘථීවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක1-3.5 අතර ප්‍රමාණයකින් ද, සාමාන්‍ය මුහුදු මට්ටම සෙන්ටිමීටර 15-90 අතර ප්‍රමාණයකින් ද ඉහළ යනු ඇත.

අප වර්තමානයේ මුහුණ දෙන පාරිසරික වෙනස් වීම් වලට ප්‍රධානහේතු කාරකය වනු යේ මානව ක්‍රියාකාරකම් නිසා වායු ගෝලය ට එකතු වන හරිතාගාර වායු ප්‍රමාණය ඉහළ යෑමයි. ජල ගැලීම්,නියං,ගිනි කදු පුපුරා යෑම්,භූමිකම්පා,සුනාමි,සුළි සුළං,නාය යෑම්,වෙරළ ඛාදන යනාදිය දේශගුණික විපර්යාසයන් හේතු කොට ගෙන සිදුවෙයි.

                         එසේම සූර්ය තාපය අධික වීම, සාගර ද්‍රෝණි වල ක්‍රියාකාරිත්වය වෙනස් වීම,වායුගෝලීය සංයුතිය වෙනස් වීම,ගිනි කඳු පිපිරීම්,හිරු ලප වල ක්‍රියාකාරිත්වය වැඩි වීම,එල්නිනෝ(ELNINO) තත්ව,ලානිනෝ(LANINO) තත්ව පසුගිය කාලය පුරාව ට දේශගුණික  විපර්ය්‍යාස රැසකට මුහුණ දීමට සිදුවී තිබේ.

දේශගුණික විපරය්‍යාස ත්‍රීව කිරීම සඳහා සංවර්ධිත රටවල් කරනු ලබන බලපෑම විශාල වුවද ඉන් සිදුවන අයහපත් ප්‍රථීඵල වලට වැඩි වශයෙන් මුහුණ දීමට සිදුවනුයේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ය. 2010 වන විට සාමාන්‍ය වායුගෝලීය උශ්ණත්වය සෙල්සියස් අංශක 1.4 -5.8 දක්වා ඉහළ ගිය අතර වාතයේ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රනය මිලියනයකට කොටස් 370 සිට මිලියනයකට කොටස් 540-970 දක්වා වැඩි වූ බව දේශගුණික විපර්ය්‍යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩළය තෙවන ඇගයීම් වාර්තාව මඟින් පෙන්වා දුනි.

එසේම 2100 වන විට සෙල්සියස් අංශක 1.8-4.0 දක්වා ප්‍රමාණයකින් උශ්ණත්වය වැඩි විමට ඉඩ ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි. කාර්මීකකරණයත් සමඟ ම වායුගෝලයට එකතු වන හරිතාගාර වායු සාන්ද්‍රනය සමතුලිත මට්ටම ඉක්මවීමට දායක වී තිබේ.මේ සඳහා දායක වන වායු වර්ග අතර කාබන්ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්ට්‍රස් ඔක්සයිඩ්, ක්ලෝරෝ ෆ්ලුවෝරින් කාබන් CFC-11, ක්ලෝරෝ ෆ්ලුවෝරින් කාබන් CFC-12ආදි වායු වර්ග මූලික වේ.

  විසිවන ශත වර්ශය තුළ සිදු වූ දේශගුණික විපර්යාස
  •   ජල චක්‍රය වේගවත් වීම හා උත්තර අර්ධ ගෝලයේ මධ්‍යම හා උස් අක්ශාංෂ වල වර්ෂාපතනය දශකයකට 0.5-1.0% දක්වා වර්ධනය වීම.
  • ආසියාවේ හා අප්‍රිකාවේ සමහර කොටස් වල මෑත භාගයේ දැඩි නියඟ තත්වයන් ඇතිවීම.
  • උප නිවර්තන ප්‍රදේශ වල දශකයකට 0.3%කින් වවර්ෂාපතනය අඩු වීම. 
  • උශ්ණත්වය අධික වීමත් සමඟම සාගර ජලය උණුසුම් වී මුහුදු මට්ටම ඉහළ යෑමෙන් මාලදිවයින,මාෂල් දූපත්,කිරිබාති දූපත්, ටොන්ගා දූපත්, ජලයෙන් යට වනු ඇත. 2030 වන විට 20cm පමණ ද, මීළඟ ශත වර්ෂය අවසාන වන විට 65cmක් පමණ ද, ලෝක සාගර ජල මට්ටම ඉහළ යා හැකි බව දේශගුණික විද්‍යාඥයින් පෙන්වා දී තිබේ. 
මේ නිසා ඇන්ටාක්ටික් හා ආක්ටික් අයිස් තලාවන් මුළුමනින් ම දිය වීමට ලක් වුව හොත් මුහුදු මට්ටම 7.4m කින් ඉහළ යෑමට ඉඩ තිබේ.

එය දැවැන්ත අර්බුදයක් වනුයේ අධික ශිත කලාපයේ ජීවත් වූ දඩයමින් සිය දිවි සරි කර ගත් ඇස්කිමෝවරුන්ට ත් හිම වලසුන්ටත් ය. ඔවුන්ට ආහාර හිඟ වීමත් හිමේ ජීවත් වන සීල් මසුන් වඳ වී යෑමත් නිසා උග්‍ර ආහාර හිඟයකට ගොදුරු වීමට සිදුවේ.

මුහුදු ජල මට්ටම ඉහළ යෑමෙන්

  • වෙරළ ඛාදනය,
  • පෘථීවි උශ්ණත්වය වැඩි වීම,
  • කොරල් පර විනාශ වීම,
  • මෝය කලාප වල භූමියේ ලවණතාවය වැඩි වීම,
  • සියුම් පරිසර පද්ධති විනාශ වීම,
  • කඩොලාන ශාක පද්ධති අහිමි වී යාම,
නිසාවෙන් මේ වන විට ලෝකයේ විවිධාකාර වූ පාරිසරික ගැටළු මතු වී තිබේ. ඒ අතර කාලගුණ,දේශගුණ විචල්‍යතා හා ශාක හා සත්ව ව්‍යාප්තියේ වෙනස් වීම්, සාගර ආම්ලික මට්ටම ඉහළ  යෑම,  ග්ලැසියර දිය වීම්, මුහුදු මට්ටම ඉහළ යෑම, මැලේරියා ඩෙංගු වැනි රෝග තත්වයන් ව්‍යාප්ත වීම ,කොරල්පර විනාශ වීම, පාංශු සංඝටක වල පවතින වෙනස්කම් කැපී පෙනෙයි.


2080වන විට යුරෝපීය කලාපයේ ශාක වලින් 40%ක් ද,  2085වන විට අප්‍රිකා වනාන්තර වලින් 25%ක් ද , විනාශ වන බවට සොයා ගෙන තිබේ. යුරෝපය තුළ ලැව් ගිනි හේතුවෙන් ඉතාලිය ස්පාඤ්ඤය වැනි රටවල් දැඩි අර්බුදයට මුහුණ පා ඇත, 2009 මාර්තු මස පෘතුගාලයේ  හා  වයඹ  දිග  ස්පාඤ්ඤයේ  ඇතිවූ  සාමාන්‍ය ලැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර 25000ක භූමි ප්‍රමාණයක් විනාශ විය. ඉදිරි කාලය ඇතුලත  මධ්‍යධරණී  කලාපයේ  ලැව් ගිනි  අවධානම  ඉහළ අගයක පවතින  බව කාලගුණික අණාවැකි අවධාරණය කරයි.

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමඟම

  •  චර්ම පිළිකා වැළඳිම.
  •  ස්වසන  ආබාධ ඇතිවීම.
  • උශ්ණත්වය වර්ෂාපතනය හා ආර්ද්‍රතාවය අක්‍රමවත් වීම.
  • වසංගත රෝග ( කුරුළු උණ ඩෙංගු බරවා මැලේරියා කොලරාව පාචනය......)ව්‍යාප්ත වීම.
  • ජලයේ වායුවේ ගුණාත්මක භාවය අඩු වීම.
  • ආහාර වල ප්‍රෝටීන් ප්‍රමාණය අඩු වීම.
  • රෝග කාරකයන් වර්ධනය වීම සඳහා සුදුසු පරිසර තත්ව ගොඩනැගීම.
  • මිනිසාගේ සෞඛ්‍ය තත්වය පිරිහීම.


මේ අනුව බලන කළ දේශගුණික විපර්යාසයන් සිදු වීමට නිශ්චිත වූ කාල වකවානුවක් නොමැති බව මෙයින් පැහැදිළි වේ. එය විවිධකරවූ ලෙස විවිධ වූ කලාපයන්ට විවිධාකාරවූ ලෙස බලපෑම් කරයි.සමස්ත වූ දේශගුණික රටාව ම උඩු යටිකුරු කිරීම ට දේශගුණික විචල්‍යයන් බලපා ඇත.
අතීතයේ සොදුරු වූ පරිසරයක ට  උරුමකම් කී අප මේ වන විට ගොදුරු වී සිටින අභාග්‍ය සම්පන්න වූ තත්වයෙන් ගොඩ ඒමට නම් දේශගුණික සමතුලිත තාවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවම වශයෙන් පැළයක් රෝපණය කර අනාගත පරපුර සඳහා අසිරිමත් සොබා දහමක් උදා කර දෙමු.......................