Sunday, April 10, 2011

සත්ව සංහතියේ අනාගතය

 "වර්තමානයේ සිට 2050 දක්වා පවතින තත්වයන් වෙනස් නොවුනහොත් පවත්නා සත්ව ශාක සංයුතියෙන් 37%ක් මෙලොවින් වඳ වී යනු ඇත."
           (ආචාර්ය ක්‍රිස් තෝමස්-ලීඩ්ස් විශ්වවිද්‍යාලය-NATURE magazine)
ඔහු පවසන ආකාරය ට ගෝලීය උණුසුම හමුවේ අසරණ තත්වය ට පත්වනුයේ මිනිසා පමණක් නොවේ.මේ වන විට එය සත්ව සංහතියට ද බලපා තිබේ.
අතීතයේ විශ්වය පරිණාමණය වන අවධියේ දී වරින් වර උල්කාපාත වැටීම නිසා ද ආහාර අර්බුද හේතු කොට ගෙන ද වෙනත් පාරිසරික විපර්යාස නිසා ද ලොව තුළ සිටි රයිනෝසරයන්,විශාල උරඟයන් විනාශ විය. වර්තමානයේ උදා වී තිබෙනුයේ ද එවැනිම තත්වයකි.


Dinosaur
Mammoth Elephant
 1980 දී මහා බ්‍රිතාන්‍යයේ කුරුළු වර්ග 12ක් සංක්‍රමණය විය. ඔවුන් 1990 වන  විට නවාතැන කරගෙන සිටි පදෙස මුල් වාසස්ථානය ට   වඩා සැතපුම් 12ක් උසින් වැඩිය.1999කැනඩාවේ ආක්ටික් ප්‍රදේශයට එම ප්‍රදේශයට ආවේනික නොවූ කුරුළු විශේෂ සංක්‍රමණය විය.මොවුන් සිය නිජ බිම වෙනස් කිරීම ට හේතුව වී තිබෙනුයේ උෂ්ණත්වය අධික වීම බව පර්යේෂණ මඟින් තහවුරු වූයේ ය.

මීට අමතරව ආක්ටික් කලාපයේ වෙසෙන ද්‍රැව වළසා/හිම වළසා උෂ්ණ ඍතුව දීර්ඝ වීම නිසා උගේ ප්‍රජනන ක්‍රියාවලිය පවා දුර්වල වී ඇත.සීල් මත්ස්‍යයා හා පෙන්ගුයින් සත්වයන්ගේ ද ජීවන චක්‍රය අක්‍රමවත් වී ඇත.









සමස්තයක් වශයෙන් සලකා බැලූ කළ අවම උෂ්ණත්වයක් මත යැපෙන හිම වළසා හා පෙන්ගුයින් වැනි සත්ව විශේෂ 100-200 අතර සංඛ්‍යාවක් තර්ජනයට ගොදුරු වී සිටිති.එසේම කුරුළු වර්ග වල ප්‍රජනන ක්‍රියාවලිය වෙනස් වී ඇත.

 
ලෝක ගෝලයේ මිනිස් වාසයෙන් තොර ප්‍රදේශයක් වන ඇලස්කාවේ සුළු වශයෙන් ඇස්කිමෝවරු වාසය කරති.පෘථීවියේ මෙම ධ්‍රැව ප්‍රදේශ ද තුන්ද්‍රා,සැවානා හා ඇමසන් වනාන්තර ද ඇතැම් කාන්තාර වලට ද බලපාන උණුසුම කාලගුණික සමතුලිතතාවය  බිඳ දැමීම ට සමත් වී තිබේ.


මිහිකත උණුසුම් වීම නිසා ඇති වූ ප්‍රථීඵල


1.)2003 වර්ශයේ ග්‍රීෂම ඍතුවේ අධික උශ්ණත්වය නිසා ප්‍රංශය,ඉතාලිය,ජර්මනිය ,යන රටවල් වල 35000ක් පමණ මිය ගිය අතර බොහෝ දෙනා දරුණු ලෙස සමේ  රෝග  වලට ගොදුරු වූයේ ය.


2).2007ජූලි මස බ්‍රිතන්‍යයේ සිදුවූ ජල ගැලීමෙන් බොහෝ ජනයා අසීරුතාවයන්ට ගොදුරු වූ බව බ්‍රිතන්‍ය අගමැති ගෝල්ඩන් බ්‍රවුන් මහතා ප්‍රකාශ කර තිබේ.(ලංකාදීප 2007ජූලි 25)


3).2007 ජූලි මස හංගේරියාවේ අධික උෂ්ණත්වයෙන් මිය ගිය ප්‍රමාණය 600ක්මවයි.(ලංකාදීප 2007ජූලි 25)
අධික උෂ්ණත්වය නිසා ඉන්දියාවේ ද වරින් වර මරණ වාර්තා වී තිබේ.


4.)2003වර්ෂයේ  ප්‍රංශයේ මිය ගිය සංඛ්‍යාව 1080කි.

5.)2007 මැයි මස උණුසුම වැඩි වීම නිසා බංගලාදේශයේ 12 දෙනෙක් ද ඉන්දියාවේ 30 දෙනෙක් ද මරණයට ගොදුරු වූයේ ය.


6.)2003වසරේ ඇතිවූ උණුසුම ට සමාන උණුසුමක් ඇතිවී ඇත්තේ මීට පෙර වසර 1000කට දෙවරක් පමණි.නමුත් මෙම තත්වය ඉදිරියේදී වසර 20කට දෙවරක් බැගින් වර්ධනය වී 2050-2060වන විට මෙය සාමාන්‍ය තත්වයක් බවට පත් වනු ඇත .


7.)දැඩි තාපය නිසා ඇමරිකාවේ චිකාගෝ හී 1995දී මිය ගිය සංඛ්‍යාව 100ක් බව වාර්තා වේ.එසේම කත්‍රිනා ,හරිකේන් නිසා ඇරිකාවේ විශාල පිරිසකට ජීවිත හා දේපල අහිමි විය.


8.)පෘථීවි උණුසුම වැඩි වීම නිසා මදුරුවන් උසින් වැඩි ප්‍රදේශ වලට සංක්‍රමණය වන  අතර එයින් ඩෙංගු හා මැලේරියා ව්‍යාප්ත වීම කඩිනම් වේ.ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරය ට ඩෙංගු හා මැලේරියාව නිසා 2000වර්ෂයේදී මිය ගිය සංඛ්‍යාව 1,50,000කි.




9.)2005වර්ෂයේ උතුරු ඇමරිකාවේ 580දෙනෙකු ඩෙංගු රෝගය නිසා මිය ගොස් ඇත.


10.)2006වසරේ දී ලංකාවේ ඩෙංගු රෝගීන් ගණන 11668කි.


11.)මීට අමතරව කාලීන වෙනස් වීම් නිසා චර්ම රෝගී තත්වයන් හා ස්වසන අවහිරතා වැනි රෝගී තත්වයන් ඉදිරියේ ඇතිවිය හැකි බව විශේශඥ්‍ය වෛද්‍යවරු අවධාරණය කරයි.


12.)හරිතාගාර වායු සහ වෙනත් වායු දූෂණය වීම නිසා හෘද රෝග, මොළයේ රෝග, පෙණහළු පිළිකා හා ළදරු මරණ බහුල වන අතර මෙම තත්වය දැනටමත් ඇමරිකාවේ දක්නට ලැබේ.

වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීම නිසා විවිධ අසාත්මිකතාවයන් ඇතිවේ.ඕසෝන් ස්ථරය ක්ෂය වීම නිසා වායුගෝලයේ පහළ ස්ථරය උණුසුම් වීමෙන් හිරු මඟින් නිකුත් කරන අධෝරක්ත කිරණ මිනිස් චර්මයේ පිළිකා ඇති වීම ට ඉඩ සලසයි.


13.)ලෝක සෞඛ්‍ය සංවිධානය  පෙන්වා දෙන ආකාරයට ගෝලීය උණුසුම වැඩි වීම නිසා ඇතිවන අතුරු ආබාධ නිසා 160000ක් මිය යන අතර 2020දී මෙම ප්‍රමාණය දෙගුණ වීමට නියමිත ය.


14.)වායුව උණුසුම් වීම  නිසා ලොව පුරා සුළි සුළං හේතුවෙන් 1985දි  4361ක් මිය ගිය අතර 1991දී 138568ක් මිය ගියහ.


15.)වසරකට 9mmකින් බංගලාදේශය මුහුදට යට වන අතර බෙංගාල බොක්කේ නිතර ඇතිවන කැළබිලි ස්වභාවය නිසා එම රට ගං වතුරින් හා සුළි සුළඟින් පීඩා විඳි යි.